Saturday, March 16, 2019

දිරිය දියනී...


මගේ නම නිපුන්. ඒ වෙනකොට මම ස්කෝලෙ 9 වසරේ හිටියේ. මම ගොඩක්ම ගර්ල් ටයිප්. කොල්ලෝ මාව ගනන් ගත්තේම නැති තරන්. මමත් උන්ව ගනන් ගත්තේ නෑ. මම හිටියේ ගෑනු ලමයි එක්කමයි. එයාල මට හරි ආදරෙයි. කිසි වෙනස් කමක් කලේ නෑ මම කොල්ලෙක් කියල. මම ස්කෝලේ කලෙත් සෞන්දර්ය විෂයට නැටුම්. ඒකත් අපේ වයසෙන් නැටුම් කරපු එකම කොල්ල මම. ඒ ටීචත් මට හරිම ආදරෙයි.
අපේ අම්මලට හිටිය එකම ලමය මම නිසා මගේ මේ ගතියට එයාල වෙනස් කම් කලේ නෑ. එයාලත් මට ආදරෙයි. අනික මගේ ස්කෝලෙ යාලුවො සෙට් එකේ අම්මලත් මට කැමතියි. මම එයාලගෙ ගෙවල් වල ගියත් එයාලත් එක්කම එක කාමර වල එහෙම ඉන්නවා.
මේ කොහොම උනත් මට කවදාවත් හිතිල තිබුනෙ නෑ කෙල්ලෙක් උනානම් හොදයි කියල වත් එයාල වගේ අදින්න තිබුන නම් හොදයි කියල වත්. මගේ යාළුවෙ වත් මට එහෙම කියල නෑ.
කොහොම හරි 9 වසරෙ අන්තිම වාරෙ පටන් අරන් ටික දවසක් යනකොට මගේ පපුවෙ අමුත්තක් දැනෙන්න ගත්තා. වෙනදට වඩා ඇවිදින කොට හෙල්ලෙන ගතියක් එහෙම දැනුනා. ඒ ලොකුවට නොදැනුන නිසා මන් අම්මලට කියන්න ගියෙත් නෑ. මේ වෙද්දි මගේ යාළුවො ඔක්කොම ලොකු ලමයි වෙලා පපුවත් හැදිල තිබුනේ.
එහෙම දැනෙන්න අරන් සති දෙකක් විතර යද්දි පපුවෙ ඉදිමුන ගතියක් දැක්ක හින්දා මට හිතුනා මේක අම්මට කිවොත් හොදයි කියලා. එතකොට අම්මා කිව්වා අපි තව පොඩ්ඩක් බලමු කියලා. එහෙම කියලා සති දෙකක් විතර යද්දී තවත් පපුව හොදටම ලොකු වෙලා. දැන් චුට්ටක් ඇදුමෙනුත් පේන තරන්. අවිදිනකොට හොදටම දැනෙනවා
ඒ හින්දා අපි ඩොක්ටර් කෙනෙක් හම්බෙන්න ගියා. එයාට විස්තරේ කිව්වා. එයා කිව්වා පොඩි ටෙස්ට් වගයක් කරගෙන හෙට එන්න කියලා. එතන එක්ස්රේ එකකුත් තිබුනා. අනිත්වා බ්ලඩ් ටෙස්ට්. අපි ඒ ඔක්කොම කරගෙන පහුවදා ගියා ඩොක්ට හම්බෙන්න. එයා ඒවා බලලා බෙහෙත් ටිකක් දුන්නා සතියක් බීල බලල එන්න කියලා.
ඒව බිවුවත් කිසි වෙනසක් නොවුනු නිසා අපි ගියා ආයෙමත් ඩොක්ටව හම්බෙන්න. මාව පරීක්ෂා කරපු ඩොක්ට
පුතාට ඇවිදිනකොට එහෙම ගොඩක් අමාරුද. ගොඩක් හෙල්ලෙනව දැනෙනවද
ටිකක් විතර ඩොක්ටර්. මම නැටුම් කරන නිසා එතකොට තමයි ගොඩක්ම අමාරු.
ආ පුතා නැටුම් කරනවද. ඒක නම් ටිකකි ප්‍රශ්නයක්. මේක සාමාන්යෙන් මෙ වයසෙ ලමයින්ට හැදෙන ප්‍රශ්නයක්. පිරිමි ලමයින්ගේ පියයුරු වර්දනය වීම. ඇත්තටම මේක වෙන්නේ පිරිමි ලමයිගේ ශරීරේ තියන ස්ත්‍රී හෝමෝන ප්‍රමානය සාමාන්ය ගානට වඩා වැඩි උනාම. මේකට බෙහෙත් නෑ. ඉබේ හරියන්න ඕනි. සාමාන්යෙන් ඉබේ හරියන්න වයස 19 - 20 වත් වෙනවා. මේ පුතාගේ ඒ ස්ත්‍රී හෝමෝන මට්ටම ටිකක් වැඩියි. ඒ නිසා පියයුරු කොච්චර ලොකු වෙයිද කියන්න අමාරුයි. අනික මේ පුතා dancing කරනව කියපු නිසා ඩාන්ස් කරනකොට ටිකක් වැඩිපුර හෙලවෙන නිසා තවත් ලොකු වෙන්න බලයි. එහෙම උනොත් වයස පැන්න උනත් ආපහු පොඩි වෙන එකක් නෑ
අපි දැන් මොකක්ද ඩොක්ට කරන්නේ.
මම කිවුවනේ මෙකට බෙහෙත් නෑ කියලා. සාමාන්‍ය විදිහට ඉන්නයි තියෙන්නේ. ඩාන්සින් කරනකොට හෙලවෙන එක නවත්තගන්න ක්‍රමයක් හිතලා බලන්න.
හොදයි ඩොක්ටර්. අපි ගිහින් එන්නන්.
දැන් මොකද අම්මේ කරන්නේ.
ඒක තමා මාත් කල්පනා කරන්නේ අපි බලමුකෝ.
පහුවදා ඉදන් මම ආයෙත් ස්කෝලේ ගියා. දැන් ටිකක් වැඩිපුර පපුව ඉස්සරහට ඇවිත් නිසා කොල්ලන්ගේ විහිළුවට ලක්වෙන්නත් උනා. ඒ වගේම නැටුම් කරනකොට වැඩිපුර අමාරු දැනෙන්න ගත්තා. ඒ නිසා නැටුමත් කැත උනා. ටීචගෙන් බැනුම් අහන්නත් උනා.
එක දවසක් ටීච මාව ලගට කතා කරලා විස්තර ඇහුවා. මගේ හොදම යාළුවෝ ටිකත් එතන හිටියා. මමත් ඔක්කෝම විස්තර කිවුවා. ඊට පස්සේ අම්මට එන්න කියන්න කිවුවා.
පහුවදා අම්මයි මායි ටීචව හම්බුනා. ටීච අම්මට කිවුවා මගේ නැටුන් දුර්වල වෙලා කියලා. අම්මා ඒකට හේතුව කිවුවා. එතකොටම ටීච
මම දන්නෑ නිපුන් මේකට කැමති වෙයිද කියලා. ඒත් බ්‍රා එකක් ඇන්දොත් මෙකට විසදුමක් හම්බෙයි.
අම්මටත් ඒ අදහස හොදයි කියලා හිතිලා. එයාල කියපු නිසා මමත් ඒකට කැමති උනා. හැබැයි නටන වෙලාවට විතරයි.
මම ස්කෝලේ ගිහින් ගෙදර යනකොට අම්ම මට බ්‍රා ගෙනත් තිබුනා. මම වොශ් එකක් දාගෙන ආවම අම්මා මට ඒව අදින හැටිත් කියලා දුන්නා. පපුව ටිකක් හිර ගතියක් දැනුනට එච්චර අවුලක් තිබුනේ නෑ. පුරුදු වෙන්නත් එක්ක ඒක ඇදගෙනම ඉන්න කිවුව නිදා ගන්නකම්. ඒක ඇදන් ඉන්නකොට පපුවට සැහැල්ලුවක් දැනුනේ හෙල්ලෙන්නේ නැති නිසා. මට ඒක දිගටම අදින්න ආස හිතුනා. මම අම්මගෙන් අහුවම කිවුව කමක් නෑ කියලා. එලියටයි ස්කෝලෙ යනකොටයි එපා කිව්වා. මොකද ඒක ඇන්දම් ඇන්ද කියල හොදට පේනවා.
පහුවදා ස්කෝලේ යනකොට මම ඒ එකක් අරන් ගියා. නැටුම් කරන වෙලාවේ ඒක ඇදගෙන නැටුවා. ලස්සනට නටන්න පුළුවන් උනා.
කොහොම හරි ඔය කතාව ස්කෝලෙ කොල්ලන්ගේ කනට ගිහින් තිබුනා. උන් මට තවත් විහිලු කරන්න ගත්තා. මම මගේ ගමන යනවා කියලා හිත හදාගෙන ඒවා ගනන් නොගෙන හිටියා. වෙලාවකට ඇඩුවා. මගේ යාළුවෝ ටික මට ශක්තියක් උනා.
ඔහොම කාලේ ගෙවිල ගිහින් විභාගෙත් ආවා. ඒ වෙද්දි පපුව හොදටම ලොකු වෙලා. දැන් නම් කොහොමත් කොල්ලෙක් වගේ ස්කෝලේ යන්න බෑ. විබාගේ ඉවර වෙලා නිවාඩු කාලේ නැටුම් ප්‍රැක්ටිස් එන්න කියලා ටීච කිව්වා. ඒ වෙද්දි මම තීරනයක් අරන් තිබුනේ.
විබාගේ ඉවර උන දවසෙම අපි ඩොක්ටව හම්බෙන්න ගියා. පපුවෙ ප්‍රශ්නේ ඉවර වෙනකම් කෙල්ලෙක් වගේ ජීවත් වෙන්න තීරනය කලා කිව්වා. ඩොක්ට ඒකට එකග උනා. එයා කිවුවා එයා ස්කෝලෙට දෙන්න රිපෝර්ට් එකක් දෙන්නම් කියලා. පහුවදා ඩාන්සින් පුහුනුවට ගියන් මන් ඒක මගේ යාලුවන්ටයි ටීචටයි කිව්වා. එයාල ගොඩක් සතුටු වෙලා මට සුභ පැතුවා.
ඊගාව සතියේ මමයි අම්මයි ශොපින් ගිහින් ගවුන් ගොඩක් අරන් ආවා. ගවුම් විතරක් නෙවෙයි තව ඇදන් අරන් ආවා. සුදු ගවුම් රෙදිත් අරන් ආවා.
පහුවදා ගවුම් මහන තැනකට ගිහින් සුදු ගවුම් මහන්න මිමි දීල ආවා. ඒ යද්දි ගියේ අලුතෙන් ගත්ත ගවුමකුත් ඇදගෙනමයි.
ඩොක්ට මට මෙඩිකල් රිපෝර්ට් එකක් දුන්නා. ඒක අරන් ස්කෝලේ ප්‍රිනසිපල් හම්බෙන්න ගිහින් විස්තරේ කිවුවා. එයා කැමති උනා ඔනි ප්‍රශ්නයක් විසදන්න.
නිවාඩු කාලේ මම ඩාන්සින් ප්‍රැක්ටිසුත් ගියා. ඒ ගවුම් ඇදගෙන. එයාලා දැන් මට කියන්නේ නිපුනි කියලයි. හැබැයි එයාල වගේ මගේ කොන්ඩේ තිබුනෙත් නෑ. කන් වල කරාබු තිබුනෙත් නෑ.
ස්කෝලේ පටන් ගන්න සතියක් තියලා අපි ගිහින් සුදු ගවුම් ටික ඇදල බලල අඩුපාඩු හදාගෙන ගෙදර ආවා. ඒ එන ගමන් රත්තරන් බඩු සාප්පුවකින් ලස්සන චූටි කරාබු දෙකක් අරන් එතනින්ම කන් දෙකත් විද්දවගෙන කරාබු දෙකත් දම්මවගෙන ආවා.
ඊට පහුවදා නැටුම් ප්‍රැක්ටිස් අන්තිම දවස. එදා කට්ටියම මගේ කන් වල කරාබු දැකල ලස්සනයි කිවුවා. ටීචත් නිපුනි කරාබු දාල දැන් හරිම ලස්සනයි කිවුවා.
හෙට තමයි මම කෙල්ලෙක් වගේ ස්කෝලෙ යන මුල්ම දවස. මොනව වෙයිද දන්නෑ. මොනව උනත් මම ඒ හැම දේටම මුහුන දෙනවා. ඒකට ශක්තියක් වෙන්න මගේ යාළුවෝ ඉන්නවා. මන් එයාලට ආදරෙයි ගොඩාක්.

1 comment: