Thursday, March 1, 2018

නදීගේ කතාව…. (2 කොටස)

ඇඳගෙන හිටපු ඇඳුම් ගලවලා දාපු මම හොඳට නාගත්තා. කොළඹ ගිනි කාෂ්ඨක අව්වේ වේලිලා දහදියෙන් නෑවිලා හිටපු මට සීතල වතුර ටික ඇඟට වැටෙද්දී දැනුනේ පුදුම සනීපයක්. නාලා ඉවරවෙලා මම මායා ඇන්ටි දීපු නයිටි එක ඇන්දා. කණ්නාඩියෙන් බලපු මට ඇත්තටම හිතාගන්න බැරිවුනා නයිටි එක මටම කියලා මැහුවා වගේ ලස්සනට මගේ ඇඟට හරියනවා. රෝස පාට සැටින් වගේ රෙද්දකින් මහපු ඒක මගේ දනහිසට වඩා අඟල් දෙකක් විතර කොටයි. උරහිසට තිබුනේ චූටි පටි දෙකක්. නයිටි එක ඇඟට ගෑවෙනකොට පුදුම සනීපයි. ඒත් කන්ණාඩියෙන් බැළුවම ඒක විනිවිද පේනවා වගේ. ඒ නිසා මම මගේ යට ඇඳුමත් නයිටියට යටින් ඇන්දා. ඊට පස්සේ ඒකේ හවුස් කෝට් එක අරන් නයිටියට උඩින් ඇඳගත්තා. හවුස් කෝට් එකත් නයිටි එකේ පාටම දුඹුරු පාට මල් වැටුනු එකක්. නයිටි එකට වඩා හවුස් කෝට් එක ටිකක් දිගයි. ඒක මගේ දනහිස ළඟට විතර.

හවුස් කෝට් එකේ මැද බට්න් එක විතරක් දාගෙන මම බාත් රූම් එකෙන් එළියට ආවා. මම සාලෙට එද්දී මායා ඇන්ටි තේත් හදාගෙන බලාගෙන ඉන්නවා. මාව දැක්කා විතරයි මායා ඇන්ටි පුදුම වෙලා වගේ මගේ දිහා බලන් හිටියා.
“හානේ හරී ලස්සනයි….. හරියට කෙල්ලෙක් වගේමයි….. ඔයා දැන් ඉතින් පුතා කියන්න බැහැ. මම කියන්නම් නදී දුව කියලා…” ඇන්ටි කිව්වේ මගේ කම්මූලක් අතගාන ගමන්
“ඔයා හැමදාම මෙහෙම ඉන්න නදී… මටත් හොඳයි මගේ දුවත් නැති එකේ…… ”
“අපි ඔයාට ලස්සන කොණ්ඩයක් දාලා ලිප්ස්ටික් ටිකක් ගාලා එහෙම මම ඔයාව ලස්සන ගර්ල් කෙනෙක් වගේ අන්දන්නම්” මායා ඇන්ටි කිව්වේ ආසාවෙන්
ඇත්තටම මටත් ආස හිතුනා ගර්ල් කෙනෙක් වගේ ඉන්න. මම කොහොමත් නුවර ඉන්දෙද්දිත් ගෑණු ළමයෙක් වගේ. වැඩි කතාබහක් නැතුව මගේ පාඩුවේ හිටපු කෙනෙක් ඒ නිසාමදෝ මට කවුරුත් යාළුවෝත් හිටියේ නෑ. අනෙත් එක මම ටිකක් සුදුයි ඒක නිසා පෙනුමත් ගෑණු ළමයෙක් වගේ. කොහොමත් පුංචි කාලේ ඉඳන්ම මට හිතුනේ මම වැරදීමකින් පිරිමි ළමයෙක් වෙලා තියෙන්නේ මම ගෑණු ළැමයෙක් කියලා.
මම තේ එක අරන් පුටුවක වාඩි උනා. මම තේ බොන අතරේ මායා ඇන්ටි ගිහින් ෂොප් එකට යන්න ලෑස්ති උනා. නයිටි එක ඇඳන් වාඩි වෙලා ඉන්නකොටත් හරිම සනීපයි. ඒත් මායා ඇන්ටිට නම් මම වාඩි වෙලා හිටපු හැටි දැකලා හිනාත් ගියා.
“ගෑණු ළමයි උනාම ලස්සනට වාඩි වෙන්න ඕන නේ, කෝ නැගිටින්න නැගිටින්න මම කියලා දෙන්න”

මම වාඩිවෙලා හිටපු පුටුවෙන් නැගිට්ටා, ඇන්ටිත් මගේ ළඟට ඇවිත් හිටගත්තා
“වාඩි වෙන්න කලින් මෙන්න මේ විදියට පිටිපස්සෙන් අතගාලා ඇඳුම හදාගන්න ඕන” ඇන්ටි කිව්වේ ඇඳන් හිටපු සාරියේ පිටිපස්ස පහලට අතගාන ගමන්
“ඊට පස්සේ මෙන්න මේ විදියට හෙමිහිට කකුල් දෙක එකළඟ තියාගෙන ලස්සනට වාඩි වෙන්න ඕන”
මමත් ඒ කිව්ව විදියටම පිටිපස්සෙන් අතදාලා නයිටි එක හදාගෙන කකුල් දෙක ලංකරගෙන ආයෙත් වාඩි වුනා හ්ම්ම්… ඇන්ටි කියපු කතාව හරි එතකොට නයිටි එක කකුල් වලට තදවෙලා ලස්සනයි.
දවල් කෑමෙන් පස්සේ ඇන්ටි ගියා ෂොප් එකට. මම සාලේ පුටුවක වාඩි වෙලා ටීවී එක බල බල හිටියා. ගමන් මහන්සියටම ද කොහෙදෝ පුටුව උඩම මට නින්ද ගිහින්.
කතාව හොඳනම් කමෙන්ට් එකක් දාන්න................

No comments:

Post a Comment