Thursday, March 1, 2018

නදීගේ කතාව…. (5 කොටස)


මම සඳුදා උදේම මායා ඇන්ටි එක්ක ෂොප් එකට යන්න ලෑස්ති උනා. මම මූන හෝදගෙන එද්දී මායා ඇන්ටි මට අඳින්න ලස්සන ඇඳුමක් ලෑස්ති කරලා තිබුනා. කළු පාට කොට සායකුයි සුදු පාට බ්ලව්ස් එකකුයි. මම දැකලා තියනවා මේ වගේ ඇඳලා ඔෆිස් යන ගෑණු ළමයි . අද මටත් ඒ වගේ යන්න පුළුවන්. මම ඇඳෙගෙන හිටිය හවුස් කෝට් එක ගලවලා දැම්මා. ඊට යටින මම බ්‍රා එකකුයි පෑන්ටි එකකුයි ඇඳගෙන හිටියේ, ඊට පස්සේ බ්ලවුස් එක ඇඳගත්තා ඒක ටිකක් තදයි වගේ අත් වැලමිට හරියට දිගට තියනවා.
ඊට පස්සේ සායත් ඇන්දා. අඩි උස සපත්තු දෙකත් දාලා මම මායා ඇන්ටි ගාවට ගියා. සාය කළු පාට එකක් ඒක ටිකක් කොටයි. ඒ වගේම හිරයි.
“හානේ නදී කොටට ඇන්දම ඔයා හරි ලස්සනයි නේ”
මායා ඇන්ටි මාව දැක්කා ගමන් කිව්වා
“අපි බ්ලව්ස් එක සායට යට කරමු. එතකොට තව ලස්සනයි”
මායා ඇන්ටි කිව්වා වගේම බ්ලව්ස් එක සායට යට කරාම තවත් ලස්සනයි. කොණ්ඩෙ පීරලා පෝනි ටේල් එකක් දාලා ලිප්ස්ටික් ටිකක් එහෙම ගාලා හෑන්ඩ් බෑග් එකත් කරට දාගෙන මම කණ්නාඩියෙන් බැළුවා.
හ්ම්ම දැන්නම් ඔෆිස් යන කෙල්කල් වගේමයි ඇත්ත තමයි කොටට ඇන්දම මට ලස්සනයි. ඊට වඩා කොට සාය පහසුයි ඇඳන් ඉන්නත්. අපි දෙන්නා ඇඳගෙන ඉවරවෙලා ෂොප් එකට යන්න පාරට ආවා. කොට සාය ඇඳන් ඇවිදිනකොට ටිකක් අමුතුයි වගේ පාරේ යන හැමෝම මගේ දිහා බලනවා
මම මායා ඇන්ටි එක්ක ගෙදර ඉඳන් පාරට යන පාර දිගේ ඇවිදගෙන ගියා. මායා ඇන්ටි ඊයේ කියලා දීපු විදියටම අඩිය තිය තිය. ස්කර්ට් එක ටිකක් තද නිසා ඇවිදින්න අමාරු වුනත් මම ලස්සනයි කියලා හිතුනේ පාරේ යන් හැමෝම මගේ දිහා බලපු විදියෙන්. එකපාරටම පිටුපස්සෙන් ආපු කාරෙකක් අපේ ළඟ නැවතුනා.
“ආ ඇන්ටි ෂොප් එකට යනවද….”
කාරෙකේ හිටියේ නාලක අයියා.
එයා අපි දෙන්නටත් කතා කලා එයා එක්ක යන්න. මායා ඇන්ටි ඉස්සරහ සීට් එකට නැග්ගා. නාලක අයියා පිටිපස්සේ දොර ඇරලා මටත් නගින්න කිව්වා. මම පිටිපස්සෙන් නැගලා සාය හදාගෙන වාඩිවුනා. වාඩිවෙන කොට සාය ටිකක් උඩට වෙච්ච නිසා මගේ කකුල් දෙකත් පේන්න ගත්තා. නාලක අයියා පිටිපස්ස බලන කණ්නාඩියෙන් මගේ දිහා බලාගෙන හිටියේ. මම ඉක්මනට හෑන්ඩ් බෑග් එක තියාගත්තා කකුල් වැහෙන විදියට.
ශොප් එකට යනකම්ම එයා සැරින් සැරේට පිටිපස්ස බලන කණ්නාඩියෙන් මගේ දිහා බල බල ගියේ. මට ටිකක් ලැජ්ජත් හිතුනා කොටට ඇඳගෙන ආපු එකට. ඒත් ෂොප් එකට ගියාට පස්සේ එතන හිටපු හැමෝම මගේ දිහා බැළුවේ ආසාවෙන්.

No comments:

Post a Comment