Sunday, March 4, 2018

දුව 4

අපෙ තප්පෙ පුන්චි දොරෙන් ඇතුල් වෙලා මන් පිය නැගුවෙ මගෙම අලුත් ජිවිතයකට.සාරිය ඇන්දාම ඇගට දැනෙන්නෙ පුදුම තැන්පත් කමක්.සන්වර කමක්.තමන්ට හිතුමනාපෙට දුවන්න බැ.ලග පියවර තබන සැම වාරයකම සාරියෙන් දැනුන සිනිදු බව මගෙ ආත්මයම සැනසුවා.මුලු ඇගපුරාම දුවන විදුලි සැර එක තැනකට එකතු වෙලා.තබන සැම ලියවරක්ම මගේ පිරිමි කමින් ඇතට තියන අඩියක් උනා.
ඇන්ටිලාගෙ දොරෙන් ඇතුල් වෙනකොටම දැනුන කිරිබත් සුවද ඔනම දුවෙක් ගෙ හිත තමන්ගෙ අම්මා ගැන ආඩම්බරයක් ඇති කරනවා.හිල් දෙක ගලවලා තැන්පත් ගමනින් කුස්සියට පිය නැගුවා.මගෙ හිත ආසාවන් ගෙන් වගෙම පුන්චි බයකිනුත් පිරිලා.හරියට දුවෙක් අම්මා කෙන්ක්ව වසර ගනනාවකින් නොදැක ඉදලා එයාව දකින්න කොට දැනෙන ආදරය බය මුසු උන අසිරිම්ත් හැගිමක්.
කුස්සියේ දොර ගාවට වෙලා මන් ආසවෙන් බලාන උන්නෙ ඇන්ටි මාව දකින කන්.මන් ඉස්සර වෙන්න ගියෙ නැ.විනාඩියකට විතර පස්සෙ තාම ඇන්ටි මාව දැක්කෙ.
ඇන්ටි මගෙ දිහා බලාන උන්නෙ ගොඩක් පුදුමෙන්.එත් එක්කම මුන හැගිම්බර වෙන්න ගත්තා.තවත් ඉවසන්න පුලුවන් කමක් නැතිව අම්මා කෙනෙක්ගෙ ආත්මය හඩන්න පටක් ගත්තා.දියනියකට තව දුරටත් ඉවසන්න පුලුවන් ද.කදුලු පුරොගත්ත ඇස්වලින් මත් අඩියට දෙකට ඇන්ටි ගාවට දිව ගියෙ මගෙම අම්මා ගාවට දුවන්නා වගේ.අම්මාගෙ දෙපා මුල වැටුනු මන් ඇගෙ දෙපා අල්ලල වැද වැටුනා.වැදගෙනම අම්මාගෙ දෙපා සිපගත්තා.කදුලු ගන්ගාවක් මගේ ඇස් දෙකෙන් දොරෙ ගලන්න ගත්තා.මගෙ උරහිස් වලට පාත් උන අත් වලින් මාව ඉහලට එසවෙනවත් සමගම ඇන්ටි මාව තුරුල් කරගෙන හාදු වැස්සක නාවන්න ගත්තෙ වසර ගනනාවකට පස්සෙ තමන්ගෙ දියනිය ලැබුනු ගානට.
ගැහැනියකගෙ දුක අදුනාගන්න සමත් වෙන්නෙ තවත් ගැහැනියක් කියන කතාව සත්යක් බවට පත් කරමි වසරක් පුරාවට ඇන්ටිගෙ හිතෙ හිරවෙලා තිබුනු දුක් දොම්නස් කදුලු බවට පත්වෙලා තමන්ගෙම දියනිය තුරුල් ඛරන් මහහඩින් අඩන්න ගත්තෙ තනියම නෙමෙ.එ ආදරනිය දියනියත් මහ හඩින් අඩන්න ගත්තෙ ගැහැනියකගෙ පුන්චි හිතට මෙතරම් දුකක් දරාගන්න නොහැකි නිසයි.ඒ ගලාගිය කදුල මගෙ පිරිමිකම මුලිනුපුටා දමන්න ගතකලෙ එක නිමෙශයක් පමනයි

No comments:

Post a Comment